කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන කියන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ ඉන්දිකගේ සමීපතමයෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
සැකකරු සන්තකයේ තිබී රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමක් යුත් ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 349ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක්, මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක්, මත්පෙති 320ක් සහ මත් මුද්දර 129ක් සොයා ගෙන තිබෙනවා.
ඊට අමතරව වායු පිස්තෝලයක් සහ තියුණු කඩු දෙකක්ද එහිදී සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.