හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
යෝෂිත රාජපක්ෂ මහතා 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදු කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.
ගල්කිස්ස ප්‍රදේශයේ ඉඩමක් මුල් කර ගනිමින් යෝෂිත රාජපක්ෂ මහතා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.