යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
ඒ, යෝෂිත රාජපක්ෂ බැලීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීයි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ තවත් ප්‍රශ්න කිහිපයකට ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා.
මේ අතර මාළිගාවත්ත ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගෙන් ද විමසීමක් කළා.