අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවති නඩු කටයුතු විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරින් පිරිසක් සේවයෙන් පහකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරින් 10කට වැඩි පිරිසක් එලෙස සේවයෙන් පහකර ඇති බවයි.
වැඩබලන නීතිපති ජේම්ස් මැක් හෙන්රි විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය විශ්වාසවන්තව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා බවයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ආන්දෝලාත්මක විධායක නියෝග කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවද විදෙස් වාර්තා අනාවරණ කරනවා.
සංක්‍රාන්ති ලිංගික හමුදා සාමාජිකයින් අමෙරිකානු හමුදාවෙන් ඉවත් කිරීම එත්සන් තැබීමට නියමිත එක් නියෝගයක්. කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම නිසා හමුදා සේවයෙන් ඉවත් කරන ලද සාමාජිකයින් නැවත අමෙරිකානු හමුදා සේවයට එක්කර ගැනීමේ නියෝගයකට ද ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීමට නියමිත බව වාර්තා වනවා.