Saturday, March 29, 2025

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කහතුඩුව පොලිස් වසමේ වෙනිවැල්කොල ප්‍රදේශයේදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් 54 හා 61 යන වයස්වල පසුවන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ. 

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.