Wednesday, February 26, 2025

General line - 0115112241

ආචාර්යවරුන්ගේ වර්ජනයක් නිසා යාපනය සරසවියේ අධ්‍යයන කටයුතු ඇණහිටී

මාධව කුලසූරිය



යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. 

සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන්ට එරෙහිව විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය පවසන්නේ. 

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු දේශන වර්ජනය කිරීමට එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.