Thursday, April 17, 2025

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු STF අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 300ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් සමත්ව තිබෙනවා. 

ඒ, වත්තල පොලිස් වසමේ සිදුකල වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සැකකරුට අයත් ත්‍රීරෝද රථයක් සහ ජංගම දුරකථනයක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.