Wednesday, February 26, 2025

General line - 0115112241

කසළ කළමනාකරණ පහසුකම් වැඩිදියුණු කිරීමට ජපානයෙන් ප්‍රදානයක්



කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන “ගාබේජ් කම්පැක්ටර්ස්” මිලදී ගැනීම සඳහා ජපාන රජය ‘යෙන්’ මිලියන 300ක ප්‍රධානයක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. 

එම අරමුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණ ධාරිතාව වැඩි කිරීම සඳහා “ගාබේජ් කම්පැක්ටර්ස්” 28ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂිතයි. 

ඒ අනුව එම රථ 14ක් බස්නාහිර පළාත සඳහාත් නැගෙනහිර පළාත සඳහා 08ක් සහ උතුරු පළාතට 06ක් බෙදා හැරීමට යෝජනා වී තිබෙනවා. 

ඒ අනුව ඊට අදාළ ප්‍රදානය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.