Thursday, April 17, 2025

General line - 0115112241

සිංහ - කැන්ගරු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද සිට



සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වනවා. 

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

මෙම තරඟය සඳහා මුහුණදීමට සිය කණ්ඩායම යහපත් මානසිකත්වයකින් යුතුව සිටින බවයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පැවසුවේ.

ශ්‍රී ලංකා - ඕස්ටේ්‍රලියා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට තරඟ දෙකක් ඇතුළත්. 

දෙවන තරඟය පෙබරවාරි 06 වනදා ආරම්භ වීමට නියමිතයි. 

දෙරට අතර තරඟාවලියට එක්දින තරඟ දෙකක්ද ඇතුළත් කර තිබෙනවා.