රතු කැකුළු සහ රෝස කැකුළු සම්බන්ධයෙන් වෙළඳපොළ තුළ හටගත් අර්බුදය මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බී.කේ රංජිත් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ වැඩි මිලට හෝ මිලදී ගැනීමට රතු කැකුළු වෙළඳපොළ තුළ නොමැති බවයි.
කුඩා මෝල් හිමියන් සතුව මේ වන විට වී සංචිත නොමැති වුවත් ඉතා කඩිනමින් සහල් ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය හැකි බවයි ඔහු කියා සිටියේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ රතු කැකුළු සම්බන්ධයෙන් පවතින ගැටලුවට තවත් සති දෙකක් ඇතුළත විසඳුමක් ලැබෙනු ඇති බවයි.
මේ අතර ඉකුත් දිනවලදී සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 170කට අධික ප්‍රමාණයක් වැටලීම් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
පසුගිය දිනවලදී සිදුකරන ලද නඩු පැවරීම්වලට අදාළව පමණක් වැඩි මිලට සහල් අලෙවි කළ කළ වෙළඳුන්ට රුපියල් මිලියන 6යි දශම 5කට අධික දඩ මුදල් නියම කර තිබෙනවා.