Thursday, April 17, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ටේ්‍රලියාවෙන් සාර්ථක ආරම්භයක්



සංචාරක ඕස්ටේ්‍රලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. 

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

තරඟයේ කාසියේ වාසිය දිනූ ඕස්ටේ්‍රලියාව තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. 

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවf පහර දෙන ඕස්ටේ්‍රලියා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඩුලු 02ක් දැවී ලකුණු 239ක් රැස් කරගෙන සිටියා.  

පළමු කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් ලකුණු 57කට දැවී ගියා. 

මාර්නස් ලබුෂේන් දැවී ගියේ ලකුණු 20කටයි. 

උස්මාන් කවාජා නොදැවී ලකුණු 65ක් රැස්කරගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.