Thursday, April 17, 2025

General line - 0115112241

ඕස්ටේ්‍රලියාව පරදා ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක්



වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද පැවති තරඟයකින් ප්‍රබල ඕස්ටේ්‍රලියාව පරදා තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

ඒ, ලකුණු 12කින් තරඟය ජය ගනිමින්. 

මේ අතර සංචාරක ඕස්ටේ්‍රලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය අදයි. 

දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වූයේ ඕස්ටේ්‍රලියා කණ්ඩායමයි. 

ඒ, දිනය නිමා වන විට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 330ක් රැස් කර ගනිමින්. 

උස්මාන් කවාජා නොදැවී ලකුණු 147ක් සහ ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 104ක් රැස් කර ගත්තා. 

මෙහිදී ස්ටීව් ස්මිත් ටෙස්ට් ලකුණු 10,000සීමාව පසුකර යාමට සමත් වුණා. 

එවැනි දස්කමක් දැක්වූ ලොව 15වන ක්‍රීඩකයා ඔහුයි.