වත්මන් ආණ්ඩුවේ තවත් සභාපතිවරුන් දෙදෙනෙකු ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන් බී එම් රණතුංග මහතාද වනවා.
ඔහු සිය ඉල්ලා අස් වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට භාර දී ඇති බවයි වාර්තා වුණේ.
සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක්ද සිදු කර ඇති බව වාර්තා වුණා.
මේ අතර ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාද සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයා ලෙස පත්ව සිටියා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සහ ජාතික රූපවාහිනි සභාපති ලෙස පත්වූ ආචාර්ය සෙනේශ් දිසානායක මහතා සිය ධුරවලින් මීට පෙර ඉල්ලා අස් වුණා.