පිලිපීනය ද මේවනවිට තායිවානය මෙන් දිගින් දිගටම චීනය සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරමින් සිටිනවා.
ඒ චීනයේ බාධා කිරීම් සම්බන්ධව සහ මුහුදු සීමා උල්ලංඝණය කිරීම සම්බන්ධවයි.
පිලිපීනය පවසන පරිදි පිලිපීන වෙරළාරක්ෂක බලකාය විසින් එරට මුහුදු සීමාව ආසන්නයේ පවතින චීන වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා තුනක් නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පිලිපීනය දිගින් දිගටම චෝදනා එල්ල කළ පිලිපීන වෙරළාරක්ෂක බලකායේ විශාලතම නෞකාව වන “monster ship,” නෞකාව සති කිහිපයක සිට පිලිපීනය ආසන්නයේ පවතින බව ද සඳහන්.
එම නෞකාව සමග චීන වෙරළාරක්ෂක බලකායට අයත් තවත් නෞකා දෙකක් Bajo de Masinloc දූපත ආසන්නයේ පවතින බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසනවා.
ඒ හමුවේ පිලිපීන ධීවරයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවයි පිලිපීන වෙරළාරක්ෂක බලකාය පෙන්වා දෙන්නේ.
"අපගේ ධීවරයින්ගේ ආරක්ෂාව සහතික කිරීම, අපගේ සමුද්‍ර අධිකරණ බලය ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආතතීන් උත්සන්න වීම වැළැක්වීම සඳහා කැපවී සිටියි" යනුවෙන් පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසයි.
බටහිර පිලිපීන මුහුදේ බොහෝ ප්‍රදේශ ඇතුළුව සමස්ත දකුණු චීන මුහුදටම පාහේ තනිව අයිතිය කීමට චීනය උත්සහ දරණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.