ජනතාවට වාහනයක් මිලදී ගැනීමේ සිහිනය බොඳවී ඇතැයි වාහන ආනයනකරුවන් පවසනවා.
වාහන ආනයනකරුවෙකු වන සුජීව යකුපිටිය මහතා පැවසුවේ අනපේක්‍ෂිත ලෙස බදු ඉහළ දැමීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි.
රටේ ජනතාවගේ ප්‍රශ්න වටහාගෙන ඊට සරිලන ආකාරයෙන් වාහන ආනයනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.