Tuesday, February 25, 2025

General line - 0115112241

අයවැයෙන් ජනතාවට සහන රැසක්



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවේදී ජනතාවට සහන රැසක් ලබාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කිරීම ද මේ වන විටත් යෝජනා වී ඇති බවයි කුරුණෑගල ප්‍රදේශයේ පැවති සුහද හමුවක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ. 


ඉදිරියේදී නිසි අධ්‍යයනයකින් අනතුරුව නව ක්‍රමවේදයක් හරහා ජනතාවට අස්වැසුම ලබාදීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.


පාසල් ළමුන්ට ලබාදෙන රුපියල් 6,000 දීමනාව පිළිබඳව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.