Tuesday, February 25, 2025

General line - 0115112241

ඇමෙරිකාවේ බදුවලට එරෙහිව කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ප්‍රතිචාර



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු පැනවීමට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර බදු පැනවීමට කැනඩාව හා මෙක්සිකෝව පියවර ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ සිට කැනඩාවෙන් හා මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක අමතර බද්ධක් හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක බද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා.

ඒ අනුව කැනඩා අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘෘඩෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක අමතර බද්දක් පනවන බවයි 

එහි සමස්ථ වටිනාගම දැක්වෙන්නේ ඇමෙරිකා ඩොලර් බිලියන 155ක් ලෙසයි.

මෙක්සිකෝ ජනාධිපතිවරයා ද නව බදු හදුන්වාදෙන බවත් නිවේදනය කර තිබෙනවා.

චීනයද  ඇමෙරිකාව පැනවූ 10%ක අතිරේක බද්දට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

කෙසේ වෙතත් අදාල රටවලින් ආයනයනය කරනු ලබන තෙල් සඳහා එම බද්ද අය කරන්නේද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවයි අමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසන්නේ. 

මේ හේතුවෙන් සපත්තු, මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල ගණන් ඉහළ යාමේ අවදානමක් ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. 

ඩොනල් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගවලට අනුව කැනඩාවෙන් සහ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා එම තීරුබදු අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා.