Thursday, April 17, 2025

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වැලිකන්දේදී අත්අඩංගුවට



වැලිකන්ද, නාගස්තැන්න ප්‍රදේශයේදී පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, වැලිකන්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 

ඔවුන් කැණීම් සඳහා යොදාගත් උපකරණ ද සමඟ සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.