ශ්‍රී ලංකා පොලිසියේ වසර 158ක ඉතිහාසයේ ප්‍රථම වරට දිස්ත්‍රික්කයක් අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත්කර තිබෙනවා
ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස එලෙස පත්කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති පද්මිණි වීරසුරිය මහත්මියයි.
ඇය මීට පෙර පොලිස් සුබසාධක කොට්ඨාශයේ රාජකාරි කළා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම පත්වීම සිදු කර ඇති අතර කළුතර පොලිසියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන සුබසාධන කොට්ඨාශ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා