Sunday, March 9, 2025

General line - 0115112241

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජයෙන් තීරණයක්



විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4,000ක් නිකුත් කිරීමට නියමිතයි. එම සේවය ලබාදීමට අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන්, කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමටයි නියමිතව ඇත්තේ. 

එමෙන්ම දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීමට ද තීරණය කර තිබෙනවා. 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා සිටියා.