Tuesday, February 25, 2025

General line - 0115112241

ලොව විශාලතම නාට්‍ය උළෙල අද සිට කොළඹදී



ඉන්දියාවේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල වන “භාරත් රංග මහෝත්සවය” මෙවර කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා. 

ඒ, එම නාට්‍ය උළෙලේ රිදී ජුබිලිය සැමරීම සඳහායි. ඒ අනුව ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ජාතික නාට්‍ය පාසල විසින් එම නාට්‍ය උළෙල අද සිට එළඹෙන 09 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

එය සංවිධාන කරන්නේ කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සමග එක්වයි.

කොළඹ ටවර් රඟහලේදී සහ පණිභාරත රඟහලේදී නාට්‍ය උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ. 

මෙම නාට්‍ය උළෙල සඳහා රුසියාව, ඉතාලිය, ජර්මනිය, නෝර්වේ, චෙක් ජනරජය, නේපාලය, ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකාව යන රටවල සුවිශේෂී නාට්‍ය 200ක් පමණ ඇතුළත් වනවා. 

‘භරංගම්’ නමින් ද හැඳින්වෙන මෙම භාරත් රංග මහෝත්සවය ලොව විශාලතම නාට්‍ය උළෙලද වීම විශේෂත්වයක්.