කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකුට බරපතල වැඩ සහිත වසර 28ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර 07කින් ගෙවී යා යුතු බව අද නියෝග කළා.
ඒ, විදේශයක සිට මෙරටට ගෙන්වන ලද ආරක්ෂිත කැමරා තොගයක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 11,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට අදාළවයි.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 31,000ක දඩයක් නියම කරන බවයි තීන්දුව ප්‍රකාශය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ප්‍රකාශ කළේ.
2016 වසරේ සැප්තැම්බර් මස 19 වනදා විදේශයක සිට ආනයනය කළ සී සී ටී වී කැමරා කට්ටල 30ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000ක අල්ලසක් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.
ඒ අනුව විත්තිකරුට මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.