Tuesday, February 25, 2025

General line - 0115112241

නීතිපතිට දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඉල්ලා ලසන්තගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්



වත්මන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලා ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මෙනෙවිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා කර ඇති නිර්දේශය බලය අයුතු ලෙස භාවිත කිරීමක් සහ රාජකාරිය බරපතල ලෙස නොසලකා හැරීමක් බවයි අහිම්සා වික්‍රමතුංග සිය ලිපියේ දක්වා ඇත්තේ.  

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින යුද හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට හැකියාව පවතින බව නීතිපතිවරයා විසින් සිය නීතිමය මතය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා ලබා දී තිබුණා. 

ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.