Tuesday, April 15, 2025

General line - 0115112241

ඉන්දු - ඉන්දුනීසියානු මිසයිල ගනුදෙනුව අවසන් අදියරේ



ඉන්දියාවෙන් BrahMos සුපර්සොනික් කෲස් මිසයිල මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 450 ක (යුරෝ මිලියන 440 ක) ගනුදෙනුවක් සඳහා ඉන්දුනීසියාව සාකච්ඡා කිරීමේ අවසන් අදියරේ සිටින බව වාර්තා වනවා.

එය අවසන් වුවහොත් පිලිපීනයට පසුව මෙම මිසයිල පද්ධතිය අත්පත් කරගත් දෙවන ආසියානු රාජ්‍යය බවට ඉන්දුනීසියාව පත්වනු ඇත.

ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ ඉන්දියාවේ ජනරජ දින උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා වූ අතර ඊට සමගාමීව නවදිල්ලියට මෑතකදී කළ සංචාරය අතරතුරදී, ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේ BrahMos ප්‍රධාන විධායක නිලධාරී Jaiteerth Joshi හමුවිය.

ඉන්දුනීසියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අලි ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිසක් ද බ්‍රහ්මෝස් මිසයිල නිරීක්ෂණයට ගොස් තිබුණා.

ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ චීන අධ්‍යයන පිළිබඳ මහාචාර්ය ශ්‍රීකාන්ත් කොන්ඩපල්ලි පැවසුවේ BrahMos කෲස් මිසයිල සැපයීම සඳහා ඉන්දියාව ඉන්දුනීසියාවට ඉදිරිපත් කිරීම සාකච්ඡාවල දියුණු අවධියක පවතින බවයි.

චීනයෙන් එල්ල වන බලපෑම් ඉහළ යාම හමුවේ ඉන්දුනීසියාව මෙලෙස සිය හමුදා බලය වර්ධනය කරමින් සිටිනවා.