Tuesday, February 25, 2025

General line - 0115112241

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න නිවා දැමේ



කොළඹ කොටුවේ ඉදිකෙරෙමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ තිබූ දැව කොටසක හටගත් ගින්න ඉන් අනතුරුව එහි මහල් කිහිපයක ව්‍යාප්ත වී ඇති බවට සැකකෙරෙනවා. 

ඊයේ රාත්‍රී 07යි 42ට පමණ 35 වන මහලේ හටගත් ගින්න පසුව තවත් මහල් කිහිපයක ව්‍යාප්ත වී තිබෙනවා. 

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 08ක් සමග නිලධාරීන් 32කු යොමු කළ බවයි කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අනුව එම ගින්න රාත්‍රී 10 :16ට පමණ නිවා දැමීමට හැකි වූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවා. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.