සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙක් අද අලුයම ඩුබායි රාජයේ සිට මෙරටට රැගෙන විත් තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
ඒ අනුව කොලොන්නාවේ චන්දන, සහ මහේෂ් නමැත්තකු එලෙස දිවයිනට රැගෙන විත් ඇති බවයි වාර්තා වුණේ.
කොලොන්නාවේ චන්දන නැමැත්තා කොළොන්නාවේ ධනුෂ්ක නමැත්තාගේ ගෝලයෙක් වනවා.
මහේෂ් නැමැත්තාට එලවී ඇති චෝදනාව වන්නේ අපේ ජනබල නායක සමන් පෙරේරා ඇතුළු පංච පුද්ගල ඝාතන සිද්ධියට ආධාර අනුබලදීමයි.
මහේෂ් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් වන අතර ඔහු ඉඩම් සහ රථ වාහන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කරන අයෙක් බවද පැවසෙනවා.
සමන් පෙරේරා ඝාතන සිද්ධියට වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ ජීප් රථය මහේෂ් නමැත්තා ගේ මැදිහත්වීම් මත අපරාධ කරුවන් අතට පත්ව ඇති බවටයි වාර්තා පළ වන්නේ.