Friday, March 28, 2025

General line - 0115112241

පොලීසියේ උසස් පුටු 80කට ළඟදීම මාරුවීම් ලැබෙන ලකුණු



ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් 80කට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. 

ඒ අතරට පොලිස් ස්ථානාධිපතිවරුන් බහුතර පිරිසක්ද ඇතුළත්. 

ඊට ජාතික පොලිස් කොමිසමේද අනුමැතිය ලැබී ඇති බවටයි වාර්තා වන්නේ. 

ඒ අතරට දැනට නැගෙනහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නමද ඇතුළත්. 

ඔහු නැගෙනහිර පළාතේ සිට වයඹ පළාතට මාරු කරනු ඇති බවටයි වාර්තා වන්නේ. 

වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා දකුණු පළාතට මාරු කරනු ඇති බවටද වාර්තා වනවා. 

දැනට විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා නැගෙනහිර පළාතටද මාරු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා ඌව පළාතට මාරු කිරීමටයි නියමිතව ඇත්තේ.