Tuesday, February 25, 2025

General line - 0115112241

අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයෙකු බගවන්තලාවේදී අත්අඩංගුවට



බගවන්තලාව, කර් කසෝල් උඩ කොටසේ නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, බගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. 

අත්අඩංගුව‌ට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු මැණික් ගැරීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

බගවන්තලාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.