Monday, February 24, 2025

General line - 0115112241

ඩුබායි සිට දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹේ



ඩුබායි රාජ්‍යයේ සිට දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බව කියන කොලොන්නාවේ චන්දන  ඇතුළු සැකකරුවන් තිදෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. 

සැකකරුවන් තිදෙනා අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන ලැබුවා. 

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

අදාළ සැකකරුවන් තිදෙනා  කටුනායක ගුවන් තොටුපලේ රඳවාගෙන  ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිසිය පැවසුවේ 

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් විසින්. 

ඉන් අනතුරුව සැකකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ 

කොලොන්නාවේ චන්දන නැමැත්තා කොළොන්නාවේ ධනුෂ්ක නමැත්තාගේ ගෝලයෙක් වනවා. 

මහේෂ් නැමැත්තාට එල්ල වී ඇති චෝදනාව වන්නේ අපේ ජනබල නායක සමන් පෙරේරා ඇතුළු පංච පුද්ගල ඝාතන සිද්ධියට ආධාර අනුබලදීමයි.
 

මහේෂ් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් වන අතර ඔහු ඉඩම් සහ රථ වාහන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කරන අයෙක් බවද පැවසෙනවා. 
 

සමන් පෙරේරා ඝාතන සිද්ධියට වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ ජීප් රථය මහේෂ් නමැත්තා ගේ මැදිහත්වීම් මත අපරාධ කරුවන් අතට පත්ව ඇති බවටයි වාර්තා පළ වන්නේ.