Monday, February 24, 2025

General line - 0115112241

සෞඛ්‍ය සේවයට 4,476ක් ලබන මස බඳවා ගැනේ

කමල් සුරවීර



හෙද හෙදියන් 3,500ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් 976ක් ඇතුළු අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලබන මාසය තුළ බඳවා ගන්නා බව විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

එමෙන්ම යළි දිවයිනට පැමිණ සේවය ලබා දෙන්නැයි රට හැරගිය විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු පාර්ශවවලින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළා.


සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට අසීරු වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.  


පේරාදෙණිය රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළා.