Monday, February 24, 2025

General line - 0115112241

කෘෂි විද්වතුන්ගෙන් අනතුරු ඇඟවීමක්



වී සඳහා නියම කළ මිල ඉහළ දමන ලෙසට ගොවීන් සිදු කරන ඉල්ලීම් සාධාරණ බව කෘෂි විද්වතුන් පවසනවා. 

මෙවර මහ කන්නයේ අස්වැන්න අඩුවීම ද ඔවුන්ගේ ඉල්ලීම්වලට හේතු වී ඇති බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසුවේ.


අස්වැන්න අඩුවීම හේතුවෙන් පෞද්ගලික අංශය විසින් ඉදිරියේදී ඉහළ මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගනු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


ඉදිරියේදී වී හිඟයක් ඇතිවිය හැකි බවත් ඒ අනුව සහල් මිලද ඉහළ යා හැකි බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා වැඩිදුරටත් පැවසුවා.