ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම නව වාර්තා රැසක් බිහිකර තිබෙනවා.
ඉන් බහුතරයක් බිහිකර ඇත්තේ ඕස්ට්‍රේලියා නායක ස්ටීව් ස්මිත් විසින්.
ඔහු එම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ ශතකයක් වාර්තා කළ අතර එය ඔහුගේ 36වන ටෙස්ට් ශතකයයි.
ඒ අනුව ඔහු වැඩිම ශතකලාභීන්ගේ ලැස්තුවේ පළමු පස්දෙනා අතරට පිවිසියා.
මෙහිදී ස්මිත් විසින් කුමාර සංගක්කාරගේ වාරත්වක් ද බිඳහෙලා තිබෙනවා.
ඒ, අඩුම ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ශතක 36ක් වාර්තා කළ දෙවන ක්‍රීඩකයා බවට පත් වෙමින්.
සංගක්කාර ටෙස්ට් ශතක 36ක් රැස් කර තිබුණේ ඉනිම 210කින්.
එහෙත් එම වාර්තාව බිඳ දමමින් ඉනිම 206කින් 36වන ශතකය වාර්තා කිරීමට ස්මිත් සමත් වී තිබෙනවා.
එමෙන්ම ආසියාවේදී වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කල ඕස්ට්‍රේලියානු පිතිකරුගේ වාර්තාව බිඳ හෙලීමටද ස්මිත් එහිදී සමත් වුණා.
ඔහු එහිදී බිඳහෙලා ඇත්තේ රිකී පොන්ටින් බිහිකර තිබූ වාර්තාවයි.
එමෙන්ම එම තරගයේදී ඕස්ට්‍රේලියාවේ ඇලෙක්ස් කේරී ලකුණු 156ක් රැස් කළ අතර එය වාර්තා පොත් අතරට එක් වූයේ ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නෙකු ආසියාවේදී රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මේ අතර, ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය බොහෝ දුරට අදින් අවසන් වනු ඇති.
එසේ වුවහොත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියේ දකින අවසන් දිනය අදයි.
ඊයේ දිනයේ තරගය නිමා කරන විට ශ්‍රී ලංකාව කඩුලු 08ක් දැවී ලකුණු 211ක් රැස් කරගෙන සිටියා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 54ක් ඉදිරියෙන් පසු වනවා.
අද තරගයේ සිව්වන දිනයයි.
තරගය පෙරවරු 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.