දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් මේ වන විට වාර්තා වී තිබෙනවා.
පද්ධතිය තුළ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් එම විදුලිය බිඳ වැටීම සිදුව ඇති බවයි බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ.
විදුලිබල මණ්ඩලය පැවසුවේ මේ වන විටත් එම බිඳ වැටීම යාථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.
කෙසේවෙතත් විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය කිහිපයක් ගතවනු ඇති බවයි මහාචාර්ය උදයංග හේමපාල මහතා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර හදිසි විදුලිය බිඳ වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා මතුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් එම දෙපාර්තමේන්තු පැවසුවේ දුම්රිය ස්ථානවල නිවේදන කටයුතු සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන් දුම්රියයන් හඳුනාගැනීමේදී මගීන්ට යම් අපහසුතාවකට ලක්වීමට සිදුවන බවයි.