ශ්‍රී ලංකා කණ්ඩයම සමග පැවති දෙවන ටෙස්ට් තරගය ද ජය ගැනීමට සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.
ඔවුන් තරගය ජය ගත්තේ කඩුලු 09කින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 257ක් පමණයි.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 85ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස් කළා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 414ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී ස්ටීව් ස්මිත් ලකුණු 131ක් සහ ඇලෙක්ස් කේරී ලකුණු 156ක් රැස් කළා.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 05යි.
කෙසේ වෙතත් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 231කට දැවී ගියා.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 76ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කළ ද සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට හැකි වුණේ නැහැ.
ඒ අනුව ඕස්ටේ්‍රලියා කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය වූයේ ලකුණු 75ක් පමණයි.
එම ඉලක්කය ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී පසු කළා.
ඒ අනුව දෙරට අතර පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට සංචාරක ඕස්ටේ්‍රලියා කණ්ඩායම සමත් වුණා.
එම තරගයේ සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ තරගයේ අවසන් පන්දුවාරය දිමුත් කරුණාරත්න විසින් ක්‍රියාත්මක කිරීමයි.
එය ඔහුගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයයි.
ඒ අනුව එලෙස නිමා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් එක් පරිචේදයක් ලියූ මෙරටින් බිහිවූ සාර්ථකම ටෙස්ට් ආරම්භක පිතිකරු වූ දිමුත් කරුණාරත්නගේ විශිෂ්ඨ ටෙස්ට් දිවියයි.