Monday, February 24, 2025

General line - 0115112241

මොහොමඩ් සාලි නලීම්ට පහරදුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ



ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පහරදුන් පුද්ගලයා ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

සැකකරු එරාවුර් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි පොලිසිය පැවසුවේ.
 

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාගේ පියාට සහ සහෝදරයාට එරාවුර් ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ පුද්ගලයෙකු විසින් පහරදී තිබෙනවා. 

ඔවුන්ගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේ සැකකරු විසින් මන්ත්‍රීවරයාට බැනවැදී ඇති බවයි වාර්තා වුණේ. 

එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතා එරාවුර් පොලිසිය වෙත යමින් සිටියදී පිටුපසින් පැමිණි අදාළ පුද්ගලයා පහරදී තිබෙනවා. 

පහර කෑමෙන් අනතුරුව මන්ත්‍රීවරයා එරාවුර් මූලික රෝහලට ඇතුළත් වූ අතර ඊයේ පස්වරුවේ ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.