ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර තිබෙනවා
ඒ අනුව හමාස් සංවිධානය භාරයේ පසුවූ ප්‍රාණ ඇපකරුවන් තුන් දෙනෙකු නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම ප්‍රාණ ඇපකරුවන් රතුකුරුස සංවිධානයට භාරදීමෙන් අනතුරුව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් බාර දී තිබෙනවා
සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය තම භාරයේ සිටි සිරකරුවන් 183 දෙනෙකු නිදහස් කරන ලද නමුත් නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන්ගේ දුර්වල පෙනුම ඊශ්‍රායලය විසින් හෙළා දැක තිබෙනවා
සටන් විරාම ගිවිසුමේ පළමු අදියර යටතේ සති තුනක කාලයක් තුළ ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු හා සිරකරුවන් 1,900ක පිරිසක් නිදහස් කිරීමට දෙපාර්ශ්වය අතර එකඟත්වය පළව තිබෙනවා.