දිවයිනේ ස්ථාපිත පොලිස් ස්ථාන 607න්, පොලිස් ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක, පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
අවුරුදු තුනකට අධික කාලයක් එකම පොලිස් ස්ථානයේ සේවය කිරීම, විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු, පොලිස් ස්ථානවල නිලධාරින් පාලනය කිරීමේදී පවතින අදක්ශතාවයන් එම ස්ථාන මාරුවීම් සිදු කිරීමට බලපෑ මූලික හේතු ලෙස සඳහන් කර තිබෙනවා.
මේ අතර එම ස්ථාන මාරුවීම්වලට අදාළව පොලිස් මූලස්ථානය විසින් ලබාදෙන නිල නිවේදන හෙට දිනයේදී අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කරන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.