Monday, February 24, 2025

General line - 0115112241

මහජනතාව වෙනුවෙන් හඩක් නැගිම විපක්ෂයක් වගකිමක් බව මහේෂ් සේනානායක කියයි



ආණ්ඩුව නොමග යන විට මහජනතාව වෙනුවෙන් හඩක් නැගිම විපක්ෂයක් වගකිමක් බව මහේෂ් සේනානායක මහතා පවසනවා 

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා 

එම හමුවේදී මහේෂ් සේනානායක මහතා සඳහන්  කර සිටියේ මෙවැන්නක් 


‘‘ආණ්ඩුව නොමග යන විට මහජනතාව වෙනුවෙන් හඩක් නැගිම තමයි විපක්ෂයක් වගකිම.  විපක්ෂයක් සිටින්නේ ආණ්ඩුව සිදුකරන සෑම දෙයක්ම අනුමත කරන්න නොවන බව ජාතික ජනබලවේගයට සහාය දක්වන ආධාරකරුවන් සහ පාර්ශ්ව තේරුම්ගත යුතුයි. 

ආණ්ඩුවට විරුද්ධව මත දරන පිරිසට පහර දෙන්න නැවත ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ජාලා කණ්ඩායම් සන්නද්ධ වෙලා සිටිනවා. 

දේශපාලන සාක්ෂරතාවය තිබෙන පුද්ගලයන් නම් ඔවුන් තේරුම් ගත යුතුයි විපක්ෂය සිටින්නේ ආණ්ඩුවේ හොද කියන්න නෙවෙයි කියලා. 

ඒ වගේම ආණ්ඩුවට එල්ල වන චෝදනා ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට  ඉවසිල්ලෙන් භාර ගන්න සුදානම් විය යුතුයි. මීට පෙර පැවැති ආණ්ඩු මේ විවේඡන භාර ගත්තා.

ඒ වගේම පසුගිය කාලය පුරාවටම ආණ්ඩුව රටේ ප්‍රශ්නයක් ඇතිවන විට ලැයිස්තුවක් එළියට දානවා. ලැයිස්තු එළියට දැමිම ගැන සමගි ජන බලවේගයේ කිසිදු විරෝධතාවයක් නෑ. 

ලැයිස්තු එළියට දැමිමෙන් නිති විරෝධීව දේශපාලන කටයුතු වල නිරතවෙලා ඉන්නේ කවුද කියලා සොයාගන්න හැකියාව තිබෙනවා.  

එම නිසා ලැයිස්තු දැම්මේ කිසිදු විරෝධයක් සමගි ජනබලවේගයට නැහැ. ආණ්ඩුව විවිධ ලැයිස්තු එළියට දානවා. නමුත් මහ දවල් සිදුවුණ බහලුම් වංචාවේ ලැයිස්තුය එළියට දාන්නේ නෑ. පරණ ලැයිස්තු ගෙනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා වගේම , එම ලැයිස්තු වලින් ජනතාව තුළ යම් වෛරක් ඇති කරනවා වගේම බහලුම් 323 සම්බන්ධයෙන් වන ලැයිස්තුවත් වහාම ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා.  

මේ බහලුම් 323 ගෙනාපු ආයතන , ගෙනාපු පුද්ගලයන් කවුරුන්ද කියලා වහාම ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි. 

අරගලය දිනවලා මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි ගැනිම සම්බන්ධයෙන් මුදල් ලබාදිම තක්සේරු කළේ කවුද කියලා මුලින්ම හොයන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 

ඒ බවත් ජනතාව වහාම දැනුවත් කරන්න. ඒ වගේම මේ ආකාරයට වන්දි මුදල් ලැබුණු දේශපාලඥයින් පිළිබඳව සැකයක් තිබෙනවානම් හැකි ඉක්මනින් ඒ පුද්ගලයන්ගේ වත්කම් සොයා බලන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. 

නිවාස ගිනි ගත් මැති ඇමැතිවරු මුදල් ලබාගත්තේ හොරෙන් උපයාගත් වත්කම් වලට නම් ඒ වත්කම් සොයාගත් ආකාරය පිළිබඳව සොයා බලන්න. 

ආණ්ඩුව මේ සිදුකරන කටයුත්තෙක් හොදක් සිදු වෙනවා වගේම. අවංකව දේශපාලනය කරන පිරිසට විශාල පහරක් මේ හරහා එල්ල වෙනවා. 

ඒ වගේම මහජනතාවට දේශපාලන අධිකාරිය පිළිබඳව තිබෙන විශ්වාසය නැති වෙනවා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා නිවාස ගිනි ගත් ඇමැතිවරුන්ගේ වත්කම් පිලිබඳව ආණ්ඩුවට සැකයක් තිබෙනවානම් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදුකරලා වහාම රටට හෙළි කරන්න. 

ඒ සඳහා කඩිනම් පියවරයක් ගන්න.   මේ සංස්කෘතිය හරහා ආණ්ඩුව රටේ ප්‍රධාන ප්‍රශ්න අමතක කරලා සන්දර්ශනාත්මක දේශපාලනයක නිරත වෙනවා. මේ හරහා ආණ්ඩුව සිල්ලර විදිහට රට ගෙනියන්න උත්සහ කරනවා. වන්දි ලබාගත් දේශපාලඥයින්ගේ වත්කම් ගැන සොයාබලන්න. 

ඒ හරහා දේශපාලයට පැමිණ හොරකම් වංචා කරන්න සිතාගෙන සිටින පිරිසට එය හොද පාඩමක්. මේ බව බය නැතුව කියන්නේ සමගි ජන බලවේගයේ  සිටින්නේ ඉතාමත් පිරිසිදු දේශපාලඥයින් පිරිසක් නිසයි.  

රටට ගැලපෙන ප්‍රවාහයක් නිර්මාණය කරන්න සමගි ජන බලවේගය නිරන්තරයෙන්ම කටයුතු කරනවා. 

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු ඉතාම නිවැරදි මාර්ගයේ සිට කටයුතු කළ යුතුයි කියන උපදෙස අපිට නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාදිලා තිබෙනවා. 

ඒ වගේම ආණ්ඩුව ආර්ථික ප්‍රශ්න අමතක කර වෙනත් වැඩපිලිවෙලක නිරත වන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. අය වැය ඊලග සතියේදී සභාගත කරන්න නියමිතව තිබෙනවා.  

ඒ අනුව රජය මහ ජනතාවට දුන්න පොරොන්දු වලින් අඩක් හෝ ඉටු කරන්න ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකරන බව ආණ්ඩුව බලය ලබා ගන්න පෙර ප්‍රකාශකළා. 

ඒ නිසා රාජ්‍ය සේවය හැල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි වැටුප ලබාදෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

තමන්ට විරුද්ධ මත දරන පිරිස අවඥාවට ලක් කරන්න උත්සහ කරනවානම් එවැනි ආණ්ඩුවකින් වැඩක් නැහැ. ආණ්ඩුව වී ගොවියාව අමතක කරපු මොහොතක වී ගොවියාගේ ප්‍රශ්නයට මැදිහත් වෙලා ආණ්ඩුවට වී ගොවියා වෙනුවෙන් බලපැමක් කරන්න කටයුතු කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. 

ඒ වගේම ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සොයා බලන්න ආණ්ඩුවට වගකිමක් තිබෙනවා කියලා විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.  

ඒ වගේම විදුලි පනත බලාත්මක කරන්න ආණ්ඩුව සැරසෙනවා. මේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවදාරනය කළා. විදුලි පනත බලාත්මක කිරිමෙන් මහජන උපයෝගිතා කොමිසන් සභාවට තිබෙන ඇමැති ප්‍රමුඛ කමිටුවකට යනවා.  

මෙවර විදුලි බිල අඩුකරන්න නොහැකි බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරද්දි මහජන උපයෝගිතා කොමිසන් සභාව ජනතා මතය විමසලා විදුලි බිල අඩුකරන්නැයි ආණ්ඩුවට ප්‍රකාශකළා. 

2024 අංක 36 දරන විදුලිබල පනත පැමිණියොහොත් ඇමැතිවරයාගෙන් යුක්ත කමිටුවක් තමයි පත් වෙන්නේ.

ඒ නිසා රටේ දුග්ගන්නාරාල බවට අද පත්ව සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා. ඔහුට විශාල දේශපාලන දැනුමක් තිබෙනවා. පාර්ලිමෙන්තුවේ මන්ත්‍රිවරු නොමග යන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට නොගැලපෙන ආකාරයට හැසිරෙන විට ඔවුන්ට නිවැරදි මාවත පෙන්වා දෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. 

විපක්ෂ නායකතුමා වී ගොවියාගේ ප්‍රශ්නය , රාජ්‍ය සේවකියන්ගේ ප්‍රශ්නය , රේගු නිලධාරින්ගේ ප්‍රශ්නය , මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව අද කතා කරන්න වෙලා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට.

සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සිටින සියලුම විපක්ෂ කණ්ඩායම් එකතු කර ගනිමින් , පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පක්ෂ එකතු කරගනිමින් ආණ්ඩුවට හරි මාර්ගය පෙන්වා දෙන්න උත්සහ ගන්නවා. 

ආණ්ඩු රටේ ප්‍රධාන ප්‍රශ්න පිලිබදව කිසිදු සොයාබැලිමක් නොකර එදිනෙදා දේශපාලනයක් ගෙන යාම තමයි සිදුකරන්නේ. මෙය රටට අහිතකර තත්ත්වයක්. 

ඒ වගේම රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා. අයවැය පරතරය පිලිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. 2028 දී අපි ලබාගෙන තිබෙන ණය ගෙවිය යුතුයි. ශ්‍රි ලංකාවේ සිටින්නේ ඉතාව දරුණු ආකාරයේ ණය උගුලකට හසුවුණ ජන කොට්ඨාසයක්. 

ඒ වගේම පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට රජයේ විදේශ මුදල් සංචිත ක්‍රමයෙන් අඩු වෙනවා. මේ පිලිබදව ආණ්ඩුව අවදානය යොමු කළ යුතුයි. ආණ්ඩුව කියනවා පෙබරවාරි මාසයේ වාහන ආනයනය කරන්න ඉඩ දෙනවා කියලා. වාහන ආනයනයේදී රටේ විදේශ සංචිත අඩු වෙනවා. 

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව විදිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නැ. තව මාස කිහිපයකින් රටේ උද්ධමනය වැඩි වෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව අපි අනතුරු ඇගවිමක් සිදුකරන්නේ.

ජනාධිපතිවරයේදී සහ මහමැතිවරණයේදී තරග කල පිරිස දැනගෙන සිටියා රටේ තිබෙන අභියෝග පිලිබදව. ඒ අභියෝගය භාර ගන්න තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා රටේ ජනතාව දැනුවත් කළේ. 

දැන් ආණ්ඩුවට කියන්න බැ රටේ තිබෙන අර්බුද පිලිබඳව දැනගෙන හිටියෙ නැ කියලා. මහජනතාව සමග සෙල්ලම් කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එක පාරක් බැට කාපු පිරිස් තවත් වතාවක් බැට කන්න බයයි. 

විපක්ෂයට මඩ ගහන්නේ නැතිව රටේ ජනතාවට ජිවත්වෙන්න පුලුවන් තත්ත්වයක් ඇති කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. 2028 දි ණය ගෙවිම සඳහා දැන්ම රට සුදානම් විය යුතුයි. 

ආණ්ඩුවේ නොමනා ක්‍රියා නිසා රට අගාධයට ගමන් කරනවානම් විපක්ෂය ලෙස සමගි ජනබලවේගයට වගකිමක් තිබෙනවා මහජනතාව වෙනුවෙන් පෙනි සිටින්න.‘