Monday, February 24, 2025

General line - 0115112241

අපෙන් ඈත් උනු පාක්ෂිකයින් නැවත අපේ පක්ෂය වටා නැවත එකතුවෙමින් යන බව නාමල් කියයි

උපුල් ශාන්ත



අරගලයේදී විනාශ වූ පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරුන්ගේ  නිවාස සඳහා වන්දි ලබා දීම පිලිබදව විරෝධය දක්වන්නේ එම ගිනි තැබීම් වලට සම්බන්ධ පිරිස් බවත් එහි යම් වැරැද්දක් තිබේනම් ඒ සඳහා ඕනෑම කෙනෙකුට පැමිණිලි කල හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පලකර සිටියේ පොදුජන පෙරමුණ විසින්  ගමින් ගමට යන වැඩසටන යටතේ පොළොන්නරුව ගිරිතලේ  සී.පී. පුර ගම්මානයට පැමිණ එහි වෙසෙන ජනතා ගැටලු හා ඔවුන්ගේ අදහස් විමසීම වෙනුවෙන් සංවිදානය කර තිබූ විශේෂ ජන හමුවකට සහභාගී වෙමිනි.

මෙම වැඩසටහනෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙවැන්නක් 

මේ ආන්ඩුව ජනතාවට දුන්නු පොරොන්න්දු ආයෙ බලා ගන්න වෙන්නෙ තොරතුරු දැන ගැනීමේ පනතට අනුවයි.ආන්ඩුව ජනතාවට දුන්නු පොරොන්දු දන්නෙ නෑ.

ඔවුන් දන්නෙ ජනතාව  මර්ධනයෙන් පාලනය කරන්නයි.

හැම දෙයක්ම ගිය ආන්ඩුවෙ කරපු වැරදි විදිහටයි හදුන්වනෙ. 

රිලවුන්ගෙ ප්‍රශ්ණයෙදිත් කිවුවෙ ගිය ආන්ඩුවෙ රිලවු හින්දා තමයි මේ ප්‍රශ්ණය ආවෙ කියල.අද විදුලි බිද වැටිලා ඒකත් ඒ ආන්ඩුවෙ රිලවුද කරල තියෙන්නෙ.

ඒ නිසා මේ ආන්ඩුවට තවදුරටටත් ජනතාවට වෙච්ච පොරොන්දු ඉටුකරගන්න බැරිව අපහසුතාවට ලක්වෙලා.ඉන්නවා.
ජනතාවට මේ ආන්ඩුව ගැන තිබ්බ විශ්වාසය දැන් නැතිවේගෙන යන්නෙ.

අපෙන් ඈත් උනු පාක්ෂිකයින් නැවත අපේ පක්ෂය වටා නැවත එකතුවෙමින් යනවා.

ඒ නිසා මේ බිද වැටුනු පක්ෂය අපි සියලු දෙනා එකතුවෙලා මේ වනවිට ගොඩ නගමින් යනවා.ඒකට ජනතාවත් එකතු කර ගන්න තමයි අපි  මේ ගමින් ගමට යන්නෙ.