ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්.
ඒ අනුව කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන තනතුරේ සිට අපරාධ පරීක්‍ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ලබන 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.
බස්නාහිර පළාත රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත්තේ බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා මූල්‍ය අපරාධ විමර්ශන දිසාව වෙත ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති එස් එම් වයි සෙනව්රත්න මහතා කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාවේ රාජකාරී ආවරණය සදහා පත් කර තිබෙනවා.