බිඳ වැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
දිවයින පුරා ඊයේ දිනයේ විදුලිය බිඳ වැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 03 අක්‍රීය වුණා.
ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම ඇණහිටි බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
කෙසේවෙතත් බිඳ වැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි වසන්ත එදුස්සූරිය මහතා නෙත් නිවුස් මීට නොබෝ වේලාවකට පෙර සිදුකල විමසීමකදී පැවසුවා.
මේ අතර කොළඹ ප්‍රධාන විදුලි පද්ධතියට අයත් පානදුර “ග්‍රිඩ් උපපොළේ” ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් දිවයින පුරා ඊයේ විදුලිය බිඳ වැටුණා.
එය පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කෙරුණා.