සහතික වී මිල ඉහළ දමන්නැයි ඇතැම් ගොවීන් ඉල්ලීම් කළ ද එය සිදුකල නොහැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඉතිහාසයේ වී සඳහා වැඩිම සහතික මිල සිය රජය මඟින් ලබාදී ඇති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ඉදිරියේදී පවතින මිලට වඩා අඩු මිලකට පාරිභෝගිකයන්ට සහල් ලබාදීමට කටයුතු කරන බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.