කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ රියදුරු කපා කොටා තුවාල සිදු කර මෝටර් රථයක් පැහැරගෙන ගිය යුවලක් අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම රියදුරා ලුණුවිල, කිරිමැටියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
වෙන්නප්පුවේ සිට ආඬිගම, මදවක්කුලම දක්වා කුලී ගමනක් යාම සඳහා සැකකාර යුවල අදාළ මෝටර් රථයට නැග තිබෙනවා.
ආඬිගම, පරප්පන්තොට ප්‍රදේශයේදී එම යුවල විසින් රියදුරා තියුණු ආයුධයකින් කපා කොටා ඔහු මහමඟ දමා මෝටර් රථය පැහැර ගෙන පළාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.