Wednesday, March 26, 2025

General line - 0115112241

නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කළත් විටින් විට විදුලිය විසන්ධි විය හැකි බව ලංවිම කියයි



බිඳ වැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය යථා තත්ත්වයට පත්කළ ද ඇතැම් ප්‍රදේශවල විටින් විට විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

දිවයින පුරා ඊයේ දිනයේ විදුලිය බිඳ වැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 03 අක්‍රීය වුණා. 

ඒ අනුව මෙගාවොට් 900ක් ජාතික විදුලි පද්ධතියට අහිමි වුණා. 

එවන් පසුබිමක් තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම ඇණහිටි බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. 

එය යථා තත්ත්වයට පත් කරන තෙක් කාල සටහනකට අනුව කෙටි කාලයක් විදුලිය කප්පාදු කිරීමට එම මණ්ඩලය මීට පෙර සැලැසුම් කර තිබුණා. 

කෙසේවෙතත් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි කප්පාදුව නවතා දමා ඇති බවයි වාර්තා වුණේ.