Monday, February 24, 2025

General line - 0115112241

චෝදනා එල්ල කරන විපක්ෂයට ආණ්ඩුවෙන් අභියෝගයක්

සම්පත් කුලරත්න



රටේ පවතින ප්‍රශ්න වසන් කිරීම සඳහා ආණ්ඩුව වෙනත් මාතෘකා කරළියට ගෙනඑන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය පවසනවා. 

ඒ අනුව ඉකුත් අරගල සමයේ නිවාස ඇතුළු දේපළ   හානි වූ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට ගෙවන ලද වන්දි මුදල් සම්බන්ධයෙන් මේ දිනවල ආණ්ඩුව විවිධ ප්‍රකාශයන් සිදු කරන බවයි ඇය පැවසුවේ.

මේ අතර වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අදහස් පළ කළා. 

ඒ, එම පක්ෂය සංවිධානය කළ “ගමින් ගමට” වැඩසටහන යටතේ ගිරිතලය, සී.පී පුර ගම්මානයේ පැවති ජන හමුවකට එක්වෙමින්. 

කෙසේවෙතත් විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.