Monday, February 24, 2025

General line - 0115112241

යාපනය සරසවියේ ගැටුමක් - දෙදෙනෙකු රෝහලේ

මාධව කුලසූරිය



යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

එම විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව අදාළ කණ්ඩායම් දෙක අතර ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ. 

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසර හා සිව්වන වසර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර එලෙස ගැටුම හටගෙන තිබෙනවා. 

එහිදී තුවාල ලැබූ සිසුන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. 

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.