මහඔය, පුලාවල ප්‍රදේශයේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය වෙල්යායට යමින් සිටියදී සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් බරපතල තුවාල ලබා ඇති බවයි.
ප්‍රදේශවාසීන් විසින් ඔහු ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඔය, ටැම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.