වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක්, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් සහ මීගමුව සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් එලෙස යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම වසර අවසන් වීමට පෙර එම දුම්රියන් ධාවනයට එක් කිරීමට නියමිතයි.
ඒ සදහා දැනට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින එන්ජින් සහ මැදිරි අලුත්වැඩියා කර ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.
එම දුම්රියන් අලුත්වැඩියා කිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
එම දුම්රිය ධාවනය කිරීම සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට නියමිතයි.
මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමටද අවධානය යොමුව ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.
එම තැපැල් දුම්රිය මේ දක්වා ධාවනය වන්නේ ගාල්ල දුම්රිය ස්ථානය දක්වා පමණයි.