කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් අද සහ හෙට රාත්‍රියේ කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසනවා.
රාත්‍රී 07.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ එම පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.
පෙරහැර පෙළ ගැසෙන අවස්ථාවේදී රාමනායක මාවත හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත පාර්ක් වීදිය හන්දිය, යුනියන් පෙදෙස හයිඩ් පාර්ක් කෝනර් හන්දිය තාවකාලිකව වසා තැබීමට නියමිතයි.
පෙරහැර ගමන් ගන්නා මාර්ගය සහ පෙරහැර පෙළ ගැසෙන අවස්ථාවේ හා වීදි සංචාරය කරන අවස්ථාවේ තාවකාලිකව වසා තැබෙන මාර්ග පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින්.
Media on 2025.02.10 පැය 2100 නවම් මහා පෙරහර by Nethfm on Scribd