ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයේ දෙවන දිනය අදයි.
ජනාධිපතිවරයා ඩුබායිහිදී අද ආරම්භ වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුවට සහභාගිවිමට නියමිතව තිබෙනවා.
“අනාගත ආණ්ඩු හැඩගැස්වීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වීමට නියමිතමයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට සම්බන්ධ වීමට ද නියමිතව තිබෙනවා.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සමඟද, අනතුරුව කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මහතා සමඟ ද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
හිටපු බි්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් මහතා සහ පකිස්ථාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතා සමඟින් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡාවන්හි නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.